සොත්ති උපාලිගේ දියණියක් මත්කුඩුත් සමඟ අත්අඩංගුවට

Tuesday, 13 March 2018 - 9:07

%E0%B7%83%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඝාතනයට ලක්වූ පාතාල කණ්ඩායම් නායක සොත්ති උපාලිගේ දියණියක් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බණ්ඩාරගම - වැල්මිල්ල ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේදී ඊයේ (12) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු පැකට් 5ක් ද සොයාගෙන තිබෙනවා.

මේ අතර, බොරැල්ල බේස්ලයින් මාවත, වැල්ලම්පිටිය ප්‍රදේශයේදී සහ ගල්කිස්ස - අත්තිඩිය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ කාන්තාවන් තුන්දෙනෙකු ඊයේ (12)අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories