අල්ලස් ගත් සීදූව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති රක්ෂිත බන්ධනාගාරයට

Wednesday, 14 March 2018 - 14:03

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%AF%E0%B7%96%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 25,000 ක මුදලක් අල්ලස් ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් සීදූව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර හමුවට අද (14) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (13) දිනයේදී සීදූව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ ව්‍යාපාරිකයා පොලීසියට සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ සැකකරු අත්අඩංගුවට ගෙන පැමිණිලිකරුට වාසිදායක අයුරින් විමර්ශන සිදුකිරීමටයි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා මෙම මුදල අල්ලස් ලෙස ඉල්ලා ඇත්තේ. 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories