කොල්ලුපිටියෙන් ගාලූ පාර වැසේ

Friday, 16 March 2018 - 13:57

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
මෙරට ඉඩම් මැනීමේ කටයුතු ඇමරිකානු සමාගමකට ලබාදීමට රජය පියවර ගෙන ඇති බව පවසමින් රජයේ මිනින්දෝරු සංගමය කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතාව මේ වන විට කොල්ලුපිටිය මංසන්ධියට පැමිණ තිබෙනවා.

අරලියගහ මන්දිරය දෙසට යාමට ඔවුන් උත්සාහ කිරීම හේතුවෙන් ගාලූ පාර, කොල්ලුපිටියෙන් අවහිර වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, මේ වන විට රජයේ මිනින්දෝරු සංගමයේ නියෝජිතයින් 5 දෙනෙකු සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයට කැදවාගෙන ගොස් ඇති බව එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories