නිල ඇඳුම් වවුචර් ගැන ආණ්ඩුව දෙපැත්තක

Saturday, 17 March 2018 - 19:08

%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%A0%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A
පාසල් සිසුන්ට නිල ඇඳුම් සඳහා ලබාදෙන වවුචර්පත් ක්‍රමයේ ඇති අඩුපාඩුකම් හේතුවෙන් යළි නිල ඇඳුම් සදහා රෙදි ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ නව ක්‍රමයේ කිසිදු වෙනසක් සිදුකිරීමට අපේක්ෂා නොකරන බවයි.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් මෙලෙස ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

‘‘ මෑත කාලයේ පාසල් යන දුදරුවන්ට නිළ ඇදුමම ලබා දෙනවා වෙනුවට  කූපන් ක්‍රමයකට වවුචර් ක්‍රමයකට ලබා දීමක් ක්‍රියාත්මක කලා. ඒ තීන්දුව ගන්න අවස්ථාවේ මම හිටපු ස්ථාවරය තමයි අපි පාසල් දුදරුවන්ට නිළ ඇදුම ම ලබා දෙන්නට ඕනෙයි කියලා. මේ රටේ ක්‍රියාත්මක වුනු සුභසාධන ව්‍යාපෘති තුළින් ස්ර්ථකම අති වැදගත්ම සුභ සාධන ව්‍යාපෘතියක් හැටියට මම අවබෝධ කරගත්ත  පාසල් නිළ ඇදුම ඒ විදිහටම ලබා දෙන්නට අපි රජයක් හැටියට කටයුතු කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ තමුන්නාන්සේලාට  වගකීමෙන් ප්‍රකාශ කරනවා.

මේ අතර උරුබොක්ක ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී අමාත්‍ය සාගල රත්නායක මහතා ද පැවසුවේ පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර්පත් ලබා දීමේ ක්‍රමයේ අඩුපාඩු පවතින බවයි.

‘‘ අපි අර පාසල් ඇදුම් ලබා දෙන වැඩසටහන වෙනස් කලා. වවුචරයක් ලබලා දුන්නා. අපි හිතුවේ ඒක තුලින් ප්‍රසම්පාදන ප්‍රමාදයන්  ඇතිවෙන්නේ නැහැ. මේ ටේලර් සාප්පුවටත් වැදගත් කමක් එයි. හැම කඩේකටම ගිහිල්ලා මේ රෙදි ටික ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඒකේ අඩුපාඩුකම් තියෙනවා කියලා බොහෝ විදුහල්පතිවරු අපිට සදහන් කරලා තියෙනවා. ඒවගේම දෙමාපියො සදහන් කරලා තියෙනවා. ඉතිං අපි හිතුවේ නැවත ඒක අලුත් කරගෙන යන්න.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ පාසල් නිල ඇඳුම් වෙනුවට වවුචර්පත් ලබාදීම ඉදිරියටත් සිදුකරන බවයි.

‘‘ අපි කරපු සමීක්ෂණයෙන් තහවුරු වෙලා තිබුනා නිළ ඇඳුම් සදහා ලබා දෙන රෙදිවලින්  සීයයට 30ක් පමණ පාවිච්චි නොකරන බවට. ඒකට හේතුව ප්‍රමිතියෙන් තොර රෙදි ලබා දීම. එදා දේශපාලනඥයාට සහ  තවත් කෙනෙකුට ගිය කොමිස් මුදල අද  කෙලින්ම නගරවල ඉන්න වෙළද ව්‍යාපාරිකයන්ට කීයක් හරි ආදායමක් ගන්න පුළුවන්. ඒවගේම දෙමාපියන්ට තෝරාගැනීමක් කරන්න පුළුවන්. අපි මේ හැම දෙයක්ම බලලා පහසු කරන්න තමයි මේ ක්‍රමය ගෙනාවේ. අවුරුදු 3කට නැත්තම් සැහෙන්න කාලෙකට පස්සේ  තමයි ගොඩාක් අය  දැන් මේ ගැන කතා කරන්නේ. ඒ නිසා අපේ එහෙම බලාපොරොත්තුවක් නැහැ. අපි බලනවා අඩුපාඩුවක් තියෙනවා නම් ඒක ඉදිරියේදී නිවැරදි කරන්න බලාපොරොත්තු වෙනවා’’



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories