පුටින්ට නැවතත් රුසියාවේ ජනපති පුටුව

Monday, 19 March 2018 - 6:27

%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%94%E0%B7%80
රුසියානු ජනාධිපතිවරණයෙන් බහුතර බලයක් හිමිකරගනිමින් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හතරවන වරටත් එම ධුරය සඳහා යළි පත්වුණා.

ඊයේ (18) පැවති රුසියානු ජනාධිපතිවරණයෙන් ජනපති පුටින් ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 76 ක්.

පුටින්ගේ ප්‍රතිවාදියෙකු වූ පවෙල් ග්රූනින්ට ලබාගැනීමට හැකිවූයේ සියයට 12 ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

මෙවර ජනාධිපතිවරණයේදී  යම් මට්ටමකින් හෝ ජනපති පුටින්ට තරඟයක් ලබාදිය හැකි බවට මත පළවුණු ප්‍රතිවාදියෙකු වූ ඇලෙක්සි නවාල්නිට දූෂණ චෝදනා මත මැතිවරණයට ඉදිරිපත් වීමට හැකියාව ලැබුණේ නැහැ.

ඊයේ (18) පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමත් සමග ඉදිරි වසර 06 සඳහාද රුසියාවේ පාලන බලය මෙහෙයවීම වත්මන් ජනපති ව්ලැදිමීර් පුටින්ට හිමිවනවා.

2000 වසරේ සිට රුසියාවේ ජනාධිපතිවරයා ලෙස එරට මෙහෙයවනු ලැබුවේ ව්ලැදිමීර් පුටින් විසින්.  

 

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories