Update - ආමර් විදියේ වෙඩි තැබීමෙන් එක් අයෙක් මරුට

Monday, 19 March 2018 - 11:48

Update+-+%E0%B6%86%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ආමර් විදීය ප්‍රදේශයේදී මෝටර් රථයකින් යමින් සිටි අඹු සැමි යුවලකට අද(19) පෙරවරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එහිදී බරපතල තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.

වෙඩි වැදීමට ලක් වූ කාන්තාව මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් තිබුණා.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ඇන්ටනි රාජ් නමැති 42 හැවිරිදි පුද්ගලයෙක්.

Update :- Monday, March 19, 2018 12.13 Pm
----------------------------------------------------

කොළඹ ආමර් විදිය ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෝටර් රථයකට සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ අයෙකු කොළඹ ජාතික රෝහලට රැගෙන ආ බව පොලිසිය පවසනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories