රුසියානු ජනපති පුටින්ට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම්

Monday, 19 March 2018 - 17:04

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
හතර වන වරටත් රුසියාවේ නායකත්වයට පත්වූ ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත ලෝක නායකයන්ගෙන් සුබ පැතුම් ලැබෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළා.

කෙසේ නමුත්, බටහිර රටවල නායකයන් ජනාධිපති පුටින් තවත් 6 වසරක් සඳහා ජනපති ධුරයට පත්වීම පිළිබදව නිහඬ ප්‍රතිචාරයක් දක්වන බව සඳහන්.

චීන ජනාධිපති ෂී - ජින්පින්, ජනාධිපති පුටින් වෙත සුබ පැතුම් පණිවුඩයක් එක් කරමින් සඳහන් කළේ චීනය හා රුසියාව දැන් ඉතිහාසයේ ශක්තිමත්ම සබඳතාවකින් බැදී සිටින බවයි.

එම ක්‍රමෝපාය සහයෝගීතාව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ නව ආදර්ශයක් වනු ඇතැයි චීන නායකයා කියා සිටියා. මීට අමතරව කසක්ස්ථානය, බෙලෝරුස් ජනරජය, වෙනිසියුලාව, බොලීවියාව සහ කියුබාව යන රටවල නායකයන් ද ජනපති පුටින් වෙත සුබ පැතුම් එක් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories