ෆේස් බුක් නිර්මාතෘට නියෝගයක්

Tuesday, 20 March 2018 - 21:14

%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%98%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ පෙනී සිටින්නැයි නියෝග කර තිබෙනවා.

ෆේස් බුක් ගිණුම් මිලියන 50 ක පමණ පෞද්ගලික දත්ත අයතා භාවිතය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශණයකට අදාළව සාක්ෂි ලබාදීම සඳහායි සකර්බර්ග් කැඳවා ඇත්තේ.

2016 අමරිකා ජනාධිපතිවරණ ප්‍රතිඵලය උරගා බැලීම සඳහා මෙලෙස තොරතුරු ලබාගෙන ඇතැයි චෝදනා එල්ලවී තිබෙනවා.

ලන්ඩනයේ ක්‍රියාත්මක සමීක්ෂණ ආයතනයක් මෙම තොරතුරු ලබාගැනීමට සම්බන්ධ වී තිබෙනවා.

කෙසේවෙතත් ඔවුන් ප්‍රකාශකර ඇත්තේ තමන් කිසිදු නීති විරෝධී දෙයක් සිදු නොකළ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories