අගමැතිට එරෙහි විශ්වාසභංගය අද කථානායකට භාරදෙන ලකුණු

Wednesday, 21 March 2018 - 7:45

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) දිනයේදී කථානායකවරයා වෙත භාරදීමට අපේක්ෂා කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 50 දෙනෙකු පමණ එම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීමේ කටයුතු ද මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ.

බැඳුම්කර වංචාව සිදුකිරීමේ කූට අරමුණින් මහ බැංකුව තමන් යටතට පවරා ගැනීම, මෙරට පුරවැසියෙකු නොවූ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති ධුරයට පත් කිරීම, බැඳුම්කර වංචාවට පැහැදිලි ලෙසම සම්බන්ධ වීම සහ බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කිරීමට උත්සාහ කිරීම මෙන්ම ඒ සම්බන්ධයෙන් කෝප් කමිටුවේ විමර්ශන සිදුවන අතරවාරයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු එම කමිටුවෙන් ඉවත් කර නව සාමාජිකයෙකු පත් කිරීම ඇතුළු කරුණු මෙම විශ්වාසභංග යෝජනාවේ අඩංගු වනවා.

මීට අමතරව, නීතිය හා සාමය අමාත්‍ය ධුරය දරමින් මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ජාතික සමගිය බරපතල ලෙස පළුදු කරමින් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය විනාශ කිරීම යන කරුණද විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර තිබෙනවා.

එසේම, කොළඹ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව අග්‍රාමාත්‍යවරයා වෙත මෙම විශ්වාසභංගයේදී තවත් චෝදනාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories