තෙල්දෙණියේ පහරදීමට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ලබන මස 4 වනදා දක්වා රිමාන්ඩ් (ඡායාරූප)

Wednesday, 21 March 2018 - 14:05

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%B8%E0%B7%83+4+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මහනුවර - තෙල්දෙනිය ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිටදි පසුගිය මස 22 වනදා පුද්ගලයෙකුට පහර දි ඝාතනය කිරිමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් හතර දෙනා ලබන මස 4 වනදා දක්වා අද (21) යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ තෙල්දෙනිය මහේස්ත්‍රාත් එස්. එච්. පරිඩ්ඩීන් වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

සැකකරුවන් නඩුව යළි කැඳවන දිනයේදී හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

සැකකරුවන් වෙනුවෙන් අද (21) දිනයේදී කිසිදු නීතිඥයෙකු පෙනී නොසිටීම ද විශේෂත්වයක්.

දැඩි ආරක්ෂාවක් යටතේ අඳුරු පැහැති වාහනයක සැකකරුවන් අධිකරණයට රැගෙන ආ අතර තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව දැඩි කර තිබුණා.




ඡායාරූප - මහනුවර චන්දන උඩුවාවල


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories