ප්‍රසන්න රණවීරට ඇප

Thursday, 22 March 2018 - 11:29

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ඇප මත මුදාහැරීමට මහර මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් අද (22) නියෝග කළා.  

ඒ අනුව මන්ත්‍රීවරයා රුපියල් 2000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියම කළේ.

පසුගිය 28 වැනිදා රාත්‍රියේ කිරිබත්ගොඩ විහාරමහා දේවී බාලිකා විදුහල ආසන්නයේ පිහිටි නිවසක පැවති උපන්දින සාදයක් අතරතුර කැලණිය ප්‍රාදේශීය සභාවට නිදහස් පක්ෂයෙන් තරඟ කළ අපේක්ෂකයෙකුට පහරදුන් බවට මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories