අගමැතිට එරෙහි විශ්වාසභංගයට දින නියම වේ

Thursday, 22 March 2018 - 12:45

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B7%80%E0%B7%9A
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය කථානායකවරයා වෙත භාරදුන්  විශ්වාසභංග යෝජනාව අප්‍රේල් මස 4 වනදා විවාදයට ගැනීමට පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා.

ඒ, අද (22) දහවල් කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ නායක රැස්වීමේදියි.

එදින දිනය පුරා විවාදය පැවැත්වෙන අතර, අනතුරුව ඒ සදහා ඡන්දය විමසීම ද සිදුකිරීමට නියමිතයි.

මේ අතර, විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට සහය පළ කරන බව පවසමින් එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් පිිරිසක් ලිපියක් භාරදී තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම පෙරමුණේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories