භූමිතෙල් සහනාධාරය අවභාවිත කරන්නන්ට එරෙහිව දැඩි පියවර

Thursday, 22 March 2018 - 15:40

%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
සාමාන්‍ය ජනතාවට ලබා දෙන භූමිතෙල් සහනාධාරය අවභාවිත කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සි‍රිසේන උපදෙස් දී ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.

එහි එක් පියවරක් ලෙස, ඉදිරියේදී භූමිතෙල් සහනාධාරය අවභාවිත කරන ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍රය වහාම අහෝසි කරන අතර ඒ සඳහා ජනාධිපතිවරයා තමන් හා එක්ව ඉදිරිපත් කළ ඒකාබද්ධ සංදේශයට කැබිනට් මණ්ඩල‍‍යේ අනුමැතිය හිමි වූ බවයි අර්ජුන රණතුංග අමාත්‍යවරයා කියා සිටියේ.

එම අනුමැතියට අනුව කිසියම් ඉන්ධන පිරවුම්හල් හිමියෙක් නීති විරෝධී ලෙස ඉන්ධන මිශ්‍ර කිරීම හෝ භූමිතෙල් සම්බන්ධ වෙනත් නීති විරෝධී කටයුත්තක් සඳහා සහාය දැක්වීමක් සිදු කොට අනාවරණය වුවහොත් ඔහුගේ පිරවුම්හල් බලපත්‍රය ‍අහෝසි කෙරෙන බව ද අමාත්‍යවරයා  ප්‍රකාශ කළා.

ඉන්ධන අවභාවිතය වැළැක්වීම සඳහා ගන්නා ක්‍රියා  මාර්ග සහ නව නීති ගැන දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අර්ජුන රණතුංග අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.

මේ වන විට ලංකා භූමිතෙල් සහ කාර්මික භූමිතෙල් ලෙස භූමිතෙල් වර්ග දෙකක් වෙළඳ පොළේ විකිණීමට තිබෙනවා.  

ඉන් කාර්මික භූමිතෙල් යනු මහා පරිමාණ කර්මාන්ත ශාලා සහ මහා පරිමාණ ව්‍යාපාර ඉලක්ක කළ භූමිතෙල් වන අතර එය අවර්ණය.

එය ලීටරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 88කටයි.

අඩුආදායම් ලාභී ජනතාව, ගොවි ජනතාව, ධීවර ප්‍රජාව, සුළු කර්මාන්ත ශාලා සහ සාමාන්‍ය ජනතාව ඉලක්ක කර අලෙවි කරනු ලබන්නේ ලංකා භූමිතෙල්ය.

එම භූමිතෙල් රතු පැහැයෙන් යුක්ත වන අතර එහි ලීටරයක මිල රුපියල් 44ක්.

ග්‍රාමීය ප්‍රදේශවල භූමිතෙල් වැඩි වශයෙන් භාවිත කරන්නේ නිවාස ආලෝක කිරීමට වුවද මේ වන විට බොහෝ දුරට ග්‍රාමීය ප්‍රදේශවලට විදුලිය සපයා ඇති බැවින් ග්‍රාමීය ජනතාවගේ භූමිතෙල් පරිභෝජනය අද වන විට පහත වැටී තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය කාලයේ අනපේක්ෂිත ලෙස භූමිතෙල් පරිභෝජනය ඉහළ ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

2014 වර්ෂයේදී ලංකා භූමිතෙල් සමස්ත අලෙවිය කිලෝ ලීටර් 1, 38, 505 ක්.

2017 වර්ෂයේදී එය කිලෝ ලීටර් 1, 98, 090 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

2018 ජනවාරි සිට පෙබරවාරි 28 වැනිදා දක්වා කාලය තුළ ලංකා භූමිතෙල් කිලෝ ලීටර් 44, 137. 5ක් අලෙවි වී තිබේ.

මෙම වැඩි වීමට හේතු ලෙස, ඩීසල්වලට භූමිතෙල් කවලම් කර විකිණීම, බස් රථවලට සහ බවුසර් රථවලට ඩීසල් වෙනුවට භූමිතෙල් මහා පරිමාණයෙන් යෙදවීම, මහා පරිමාණ කර්මාන්ත ශාලාවල භාවිතයට කාර්මික භූමිතෙල් වෙනුවෙට ලංකා භූමිතෙල් භාවිත කිරීම හඳුනා ගෙන තිබෙනවා.

එය ඍජු ලෙසම මහජනතාවට ලබා දෙන භූමිතෙල් සහනාධාරය අවභාවිත කිරීමක් බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

එම තත්ත්වය මත 2017 වර්ෂයේදී පමණක් ලංකා භූමිතෙල් අලෙවියෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට වූ පාඩුව රුපියල් මිලියන 5,460ක් පමණ වනවා.

මෙම වසරේ ජනවාරි - පෙබරවාරී 28 දක්වා කාලයේදී සිදුවූ පාඩුව රුපියල් මිලියන 2,146ක්.

ඒ අනුව භූමිතෙල් සහනාධාරය අවභාවිත කිරීම නතර කිරීම වෙනුවෙන් කඩිනම්  පියවර ගැනීමේ අවශ්‍යාතාව ජනාධිපතිවරයා ද පෙන්වා දී ඇතැයි අමාත්‍ය අර්ජුන රණතුංග සඳහන් කළා.

ඔහු අවධාරණය කළේ ජනාධිපතිතුමාගේද සහයෝගය සහිතව ඒ සඳහා නව නීති සකස් කිරීමට හැකි වූ බවයි.

ඉන්ධන අවභාවිතය වැළැක්වීමට මේ වන විට අමාත්‍යාශයේත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේත්, CPSTL ආයතනයේත් ඒකාබද්ධ වැටලීම් වැඩි කර ඇතැයි ද අමාත්‍ය අර්ජුන රණතුංග පෙන්වා දෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories