රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් මරුට (ඡායාරූප)

Thursday, 22 March 2018 - 16:57

%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%9C%E0%B6%A9+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කොත්මලේ රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ පාසලක 12 වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

18 හැවිරිදි මෙම සිසුවා එම පාසලේ තවත් සිසුන් පිරිසක් සහ ගුරුවරුන් දෙදෙනෙකු සමග නුවරඑළියේ සංචාරයකට පැමිණ තිබෙනවා.

යළිත් කොළඹ බලා යමින් සිටියදීයි පස්වරු 1.30 ට පමණ රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගොස් ඇත්තේ.

තවත් සිසුන් පිරිසක් සමග දිය නාමින් සිටියදී මෙම සිසුවා එක්වරම දියේ ගිලී අතුරුදන්ව ඇතැයි සඳහන්.

දිය ඇල්ල අවට ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොත්මලේ රෝහලට යොමුකර තිබෙනවා.

මරණ පරීක්ෂණයෙන් පසු සිරුර පාසලේ ගුරුවරුන් වෙත භාරදෙන බවයි පොලිසිය ප්‍රකාශකර ඇත්තේ.




ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories