අල්ලස් ගත් විදුහල්පතිනියකට වසර 5ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්

Friday, 23 March 2018 - 14:48

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+5%E0%B6%9A+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අල්ලස් ලබා ගැනීමේ සිද්ධියකට වරදකරු වූ මාතලේ විජය විද්‍යාලයේ හිටපු විදුහල්පතිනියට බරපතල වැඩ සහිත වසර 5ක සිර දඬුවමක් නියම වී තිබෙනවා.

2014 වසරේ පෙබරවාරි 8 වන දා එම පාසලේ පළමු ශ්‍රේණියට සිසුවෙකු ඇතුළත් කර ගැනීමට රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ලබා ගැනීම ඇතුළු අධි චෝදනා 4කට ඇය වරදකාරිය කරමින් මෙම තීන්දුව ලබාදුන්නේ කොළඹ මහාධිකරණයයි.

අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධාරීන් විසින් අදාළ විදුහල්පතිනිය අත්අඩංගුවට ගෙන ඇයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.

වසර 5ක සිර දඬුවමට අමතරව ඇයට රුපියල් 60,000ක දඩ මුදලක් හා තවත් ලක්ෂ එකහමාරක් අදාළ සිසුවාගේ දෙමාපියන්ට ලබාදෙන ලෙසට ද මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නියෝග කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories