Update : පුද්ගලයෙක් සුපිරි වෙළඳසැලකදී ප්‍රාණ ඇපයට පත්වෙයි - අයෙක් මරුට

Friday, 23 March 2018 - 16:53

Update+%3A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB+%E0%B6%87%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
සන්නද්ධ පුද්ගලයෙකු විසින් දකුණුදිග ප්‍රංශයේ සුපිරි වෙළඳසැලක ප්‍රාණ ඇපයට ගෙන ඇත්තේ එක් පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

එක් පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බවටයි මේ වන විට අනාවරණ වී ඇත්තේ.

ඔහු කවුරුන් ද යන්න මෙතෙක් හෙළිවී නැහැ.

Update : Friday, 23 March 2018 - 17.46
----------------------------------------------------------------
සන්නද්ධ පුද්ගලයෙකු සුපිරි වෙළඳසැලක සිටි පිරිසක් ප්‍රාණ ඇපයට ගනී

ප්‍රංශයේ දකුණුදිග ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක සිටි පිරිසක් සන්නද්ධ පුද්ගලයෙකු විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබෙනවා.

ප්‍රශ මාධ්‍ය ප්‍රකාශකර ඇත්තේ මාර්ගයේ සිටි පොලිස් නිලධාරීන් පිරිසකට ද මෙම සන්නද්ධ පුද්ගලයා වෙඩි තබා ඇති බවයි.

එහිදී එක් අයෙක් තුවාල ලබා ඇති අතර ඔහුගේ තත්වය බරපතල නොවන බව සඳහන්.

මේ වන විට අදාළ සුපිරි වෙළඳසැල පිහිටි ප්‍රදේශයට පොලිසිය ළගාවී තිබෙනවා.

මෙම සන්නද්ධ පුද්ගලයා අයි එස් සංවිධාන සාමාජිකයෙකු බවටයි සැක කෙරෙන්නේ.

2015 වසරේ ජනවාරි මාසයේදී ප්‍රංශයේ පැරිස් නුවර සුපිරි වෙළඳසැලකදී සන්නද්ධ පුද්ගලයෙකු විසින් පුද්ගලයන් 4 දෙනෙකු ඝාතනය කරනු ලැබුවා.

මේ අතර අද සිදුවු මෙම සිදුවීම බරපතල තත්වයක් බවටයි ප්‍රංශ අගමැතිවරයා ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කර ඇත්තේ.

මේවන විට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති අතර සුපිරි වෙළඳ සංකීර්ණයේ අවට ආරක්ෂාව දැඩිකර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories