වැඩිවුණු අයි. ඕ.සී. ඉන්ධන මිල ගැන බස්, ත්‍රිරෝද රථ සංගම් අවධානයෙන්

Sunday, 25 March 2018 - 12:49

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.+%E0%B6%95.%E0%B7%83%E0%B7%93.+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%2C+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ලංකා අයි. ඕ.සී. සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමග මේ වනවිට ඒ සම්බන්ධයෙන් සමාජයේ කථාබහක් ඇතිව තිබෙනවා.

ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය මගී ප්‍රවාහන අංශ කිහිපයකින් විමසීමක් කළා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ලංකා අයි. ඕ.සී. ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම ගැටළුවක් නොවන බවයි.

කෙසේ වෙතත් දකුණු පළාත් පෞද්ගලික බස් රථ සමාගම් සම්මේලනයේ සභාපති චන්දන ද සොයිසා කියා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා අයි. ඕ.සී. ඉන්ධන මිලට සම කිරීමේ අවදානමක් පවතින බවයි.

එමෙන්ම ලංකා අයි. ඕ.සී. සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් අප ත්‍රිරෝද රථ සංගම් කිහිපයකින්ද විමසීමක් කළා.

එහිදී සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමියන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් කියා සිටියේ රජය ත්‍රිරෝද රථ රියදුරන්ට ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කටයුතු  කළ යුතු බවයි.

කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ යාමත් සමග දෙවන කිලෝමීටරයට රුපියල් 10 ක මිල වැඩිකිරීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය සඳහන් කළේ.

එහි සභාපති සුනිල් ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

කෙසේ නමුත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ නැංවීම පිළිබදව තීරණයක් ගෙන නොමැති බවයි එහි සභාපති ධම්මික රණතුංග  ඊයේ දිනයේ සඳහන් කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories