ගාල්ල මහනගර සභාවේ එජාපයේ 07කට විනය පරීක්ෂණ

Sunday, 25 March 2018 - 17:29

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+07%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති තේරීමේදී පොදුජන පෙරමුණේ නගරාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට ඡන්දය ලබාදුන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

එම පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් බල මණ්ඩල සභාපති ලෙස නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට බලය හිමිවූ ගාල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පාක්ෂිකයන්ගේ මතය මුදලට පාවාදීමක් බවයි.

මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් පක්ෂ මහලේකම්වරයා දැනුවත් කර ඇති බව ද එම නිවේදනයේ සඳහන්.

පසුගිය සිකුරාදා නගරාධිපතිවරයා තේරීම සඳහා පැවැති රහස් ඡන්දයේදී පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රියන්ත සහබන්දු ගොඩගම ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස තේරී පත්වුණා.

නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවැති රහස් ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 07 දෙනෙකුගේ සහ නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 03 දෙනෙකුගේ මෙන්ම එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයෙකුගේ ඡන්දය හිමි වුණා.

පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට එම පෙරමුණේ මන්ත්‍රීවරුන් 13 දෙනාගේ සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 07 දෙනෙකුගේ ඡන්දය ලැබී තිබුණා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories