මාවනැල්ලේදී එජාපයේ සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරියන් ගැටෙයි

Tuesday, 27 March 2018 - 7:50

%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මාවනැල්ල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් අතර ඊයේ (26) රාත්‍රියේ ඇති වූ ගැටුමකින් 03 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම පක්ෂ දෙකේ මෙවර ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ අපේක්ෂිකාවන් අතර මෙම ගැටුම ඇති වී ඇති බවයි.

ගැටුමෙන් තුවාල ලැබූ කාන්තාවන් තුන්දෙනෙකු මේ වන විට මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මාවනැල්ල ප්‍රාදේශීය සභාව එක්සත් ජාතික පක්ෂය විසින් ඊයේ බලය පිහිටුවීමෙන් අනතුරුව සභාව ඉදිරිපිට දී උණුසුම් තත්ත්වයක් ද හට ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරුව ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලේම නියෝජිතයින් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට පැමිණ උණුසුම් වචන හුවමාරුවක නිරත වී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories