එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ ලබන 03 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

Tuesday, 27 March 2018 - 11:39

%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.%E0%B6%9A%E0%B7%9A+%E0%B6%9A%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%94%E0%B7%84%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+03+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ ලබන මස 03 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔවුන් අද (27) කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 09 වනදා බත්තරමුල්ල - කොස්වත්ත ප්‍රදේශයේදී පළාත් සභා මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිඳ ගිනි අවියක් ද අතැතිව මාර්ග අංක 177 කඩුවෙල - කොල්ලුපිටිය බස් රථ රියදුරාට පහරදෙන ආකාරය පුද්ගලයෙකු ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණා.

අදාල අවස්ථාවේ සී.සී ටී වී දර්ශන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස පසුගිය නඩු වාරයේදී පොලිසියට නියෝග කළද ඔවුන් අද දිනයේ එම දර්ශණ ඉදිරිපත් කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, ලබන මස 03 වනදාට අදාල ස්ථානයේ වෙළඳසැල් කිහිපයක සවිකර තිබූ සී.සී. ටී.වී. දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි පොලිසියට නියෝග කෙරුණේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories