ග්ලයිෆොසේට් තහනම ගැන සොයන්න විද්වත් කමිටුවක්

Tuesday, 27 March 2018 - 14:03

%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B7%86%E0%B7%9C%E0%B7%83%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ග්ලයිෆොසේට් තහනම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය අද (27) තීරණය කළා.

අදාළ කමිටුව සෞඛ්‍ය, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත යන අංශ මෙන්ම ගොවි සංවිධාන නියෝජිතයින්ද ඇතුළත් වන පරිදි පත් කිරීමටයි නියමිතව ඇත්තේ.

එහි නිරීක්ෂකයින් ලෙස අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, නවීන් දිසානායක, දුමින්ද දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් කටයුතු කරනු ඇති බවයි අමාත්‍ය මණ්ඩල හමුවෙන් පසුව ඒ පිළිබඳව අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ.

කෙසේ වෙතත් අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේ අද(27) පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍ය පී. හැරිසන් කියා සිටියේ ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ධ බවයි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කොළඹ අද(27) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා ග්ලයිෆොසේට් තහනම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ ඡන්ද බලාපොරොත්තුවෙන් තහනම ඉවත් කිරීමට කටයුතු කරන්නේ නම් එය සාධාරණ නොවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories