සාමාන්‍ය පෙළ ප්‍රතිඵල රාත්‍රියේ අන්තර් ජාලයට

Wednesday, 28 March 2018 - 7:56

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28) නිකුත් කිරීමට නියමිතයි.

අද (28) රාත්‍රියේ විභාග ප්‍රතිඵල අන්තර්ජාලයට යොමු කිරීමට සැළසුම් කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේ.

පසුගිය දෙසැම්බර් මාසයේ පැවති 2017 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් හය ලක්ෂ 88, 573 දෙනෙකු පෙනී සිටි අතර, එය මධ්‍යස්ථාන 5116කදී පැවැත්වුණා.

මේ අතර අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි.එම්.කේ.බී. ඉලංගසිංහ එම ධුරයෙන් ඉවත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

එම ඉවත් කිරීම සිදුකර ඇත්තේ මෙම වසර සඳහා නිසි පරිදි පාසල් දරුවන්ට පෙළපොත් නොලැබීම හේතුවෙන් බවයි ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories