රටේ දියුණුවට පොදු අරමුණක් වෙනුවෙන් ක්‍රියා කළ යුතු බව ජනපති කියයි

Sunday, 01 April 2018 - 6:56

%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රට දියුණු කිරීම සදහා සියලූදෙනා පොදු අරමුණක් වෙනුවෙන් ක්‍රියා කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

කුරුණෑගල පැවති යොවුන් පුරය - 2018 ජාතික යොවුන් කදවුරේ සමාප්ති උත්සවයට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

සමගිය, ශක්තිය, එකමුතුබව, සියලූදෙනා සමග එක්ව කටයුතු කිරීම ජාතියක් ඉදිරියට යාම සඳහා යෝධ ශක්තියක් බවයි එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

තරුණ තරුණියන් 7000 කගේ සහභාගීත්වයෙන් පසුගිය 28 වනදා ආරම්භ වූ යොවුන් කඳවුරට විදෙස් තරුණ තරුණියන් ද එක්වුණා.

ඊයේ පැවති සමාප්ති උළෙලට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද එක්ව සිටි අතර, එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ වෛරී අදහස්වලට යටපත් නොවී සියලූදෙනා කටයුතු කළ යුතු බවයි. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories