මහනුවර සිද්ධියට තවත් 04ක් අත්අඩංගුවට

Sunday, 01 April 2018 - 18:14

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+04%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය දා ඇතිවූ ගැටුම්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු යුද හමුදා සෙබලෙකු ඇතුලු 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ ත්‍රස්තවාදී විමර්ශන අංශය විසින් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මීට පෙර ද මෙම සිද්ධියට අදාළව කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් පසුගිය දින දෙකේ සහ අද (01) දිනයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෝනවල - රජවැල්ල, කටුගස්තොට - කහල්ල, අඹතැන්න - මුල්ලේගම සහ අඹතැන්න - කළුවාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories