හිටපු ජනපතිට සිර දඬුවම්

Thursday, 05 April 2018 - 11:23

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
බ්‍රසීලයේ හිටපු ජනපති ලූලා ද සිල්වාට සිර දඩුවම් නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) නියෝග කළා.

ඒ, 2003 වසරේ සිට 2011 වසර දක්වා ඔහුගේ පාලන සමය තුළ සිදුවූ වංචා දූෂණ සිද්ධීන් කිහිපයක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයා මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනුකර ඇති බව සඳහන්.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙය දේශපාලන පළිගැනීමක් බවයි.

මේ වසරේ ඔක්තෝබරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට 72 හැවිරිදි ලූලා ද සිල්වා යළි තරඟ කිරීමේ සූදානමක්ද පවතින අතරතුර මෙම තීන්දුව ප්‍රකාශයට පත්වීම විශේෂත්වයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories