අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත කල් යයි

Thursday, 05 April 2018 - 12:36

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (05) දිනයේ ඉදිරිපත් නොකරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙම පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගවලට අනුව සංශෝධන සිදු කිරීමට පවතින බැවින් මෙම තීරණයට එළඹි බවයි.

එමෙන්ම ඉදිරියේදී පාසල් පැවැත්වෙන කාලසීමාව තුළ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර රුපියල් මිලියන 7000 කට ආසන්න පරිපූරක ඇස්තමේන්තුවක් අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.

ඒ, පසුගිය ජනවාරි 22 වනදා සිට පෙබරවාරි 28 වනදා දක්වා කාලය තුළ සහය සේවා සහ හදිසි අවශ්‍යතා ව්‍යාපෘතිය යටතේ නිදහස් කරන ලද අතිරේක ප්‍රතිපාදන ලබාගැනීම වෙනුවෙන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories