විශ්වාසභාංග ඡන්දය ගැන ජනපති උපදෙස් දුන්නේ නැහැ

Thursday, 05 April 2018 - 12:40

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%82%E0%B6%9C+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
විශ්වාසභංග ඡන්ද විමසීමේදී ඊට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය භාවිත කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිදහස් පක්ෂයේ කිසිදු මන්ත්‍රිවරයෙකුට උපදෙස් ලබා නොදුන් බව අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (05) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම මාධ්‍ය හමුවට විශ්වාසභංගයේදී ඡන්දය භාවිත කිරීමට ඊයේ (04) පාර්ලිමේන්තුවට නොපැමිණි අමාත්‍යවරුන් මහින්ද සමරසිංහ, විජිත් විජයමුණි සොයිසා සහ රංජිත් සියඹලාපිටිය එක්ව සිටියා.  

මේ අතර ජනතා විමුක්ති පෙරමුණද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

ඊට එක්වූ එහි නායක අනුර කුමාර දිසානායක විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මෙහිදී ඔහු සඳහන් කළේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනුනු ඊයේ (04) දිනයේ මෙරට දේශපාලනයේ සැබෑ ස්වරූපය අනාවරණ වූ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories