ප්‍රතිසංවිධානය අරඹන්න, එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වේ

Saturday, 07 April 2018 - 12:45

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මේ වන විට විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා.

ඒ, පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

අද (07) සහ හෙට (08) යන දෙදින තුළ මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙනු ඇති.

අද පැවැත්වෙන මෙම සාකච්ඡාවේ විශේෂත්වය වන්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගිවීමයි.

එමෙන්ම නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 6 දෙනෙකුට සහ නියෝජ්‍ය කථානායකවරයාට එරෙහිව, කථානායකවරයාට භාර දුන් විශ්වාසභංග යෝජනාව ඉල්ලා අස් කර ගන්නා ලෙසට, අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නා.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන නිවේදනයක් මගින් සදහන් කළේ අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට පෙර ඒ පිළිබදව පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ සාකච්ඡා කොට තීරණයකට එළඹිය යුතු බවට අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන් බවයි.

ඉදිරියේදී මේ පිළිබද පාර්ලිමේන්තු කණ්ඩායම තුළ සාකච්ඡා කරන අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඇති මතභේදයට තුඩු දෙන කරුණු විසදා ගත හැකි බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ යැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

කෙසේ වෙතත්, විශ්වාසභංගය ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අද (07) දිනයේ පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories