වන සතුන් දඩයම් කළ 9 දෙනෙකු පල්ලෙකැළේදී අත්අඩංගුවට

Saturday, 07 April 2018 - 14:20

%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+9+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කහල්ල - පල්ලෙකැළේ අභයභූමි රක්ෂිතයේ වනජීවි නිලධාරීන් සිදුකළ වැටලීම්වලදී වන සතුන් දඩයම් කරමින් සිටි පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් දින දෙක තුළ සිදුකළ මෙම වැටලීම්වලදී ඔවුන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි 10ක්, උගුල් 3ක් සහ දඩයම් කරන ලද වන සත්ත්ව මස් කිලෝග්‍රෑම් 7ක් ද වනජීවි නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන්.

පිබිදුණුගම - වනජීවි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගල්කිරියාගම සහ හේරත්ගම වනජීවි නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර, සැකකරුවන් එම ප්‍රදේශවලම පදිංචිකරුවන්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories