බ්‍රසීලයේ හිටපු ජනපති ලූලා පොලීසියට භාරවෙයි

Sunday, 08 April 2018 - 7:50

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%96%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බ්‍රසීලයේ හිටපු ජනපති ලූයිස් ඉනැසියෝ ලූලා ඩා සිල්වා, දූෂණ චෝදනා මත තමාට නියමවූ දොළොස් වසරක සිර දඩුවම විඳීම සඳහා සාවෝපෝලෝ පොලීසිය වෙත භාරවී තිබෙනවා.

 72 හැවිරිදි ලූලා ඩා සිල්වා ට එලෙස පොලීසිය භාරවීමට ලබාදී තිබූ කාල විරාමය මීට දින දෙකකට පෙර අවසන් වුවද ඔහුගේ ආධාරකරුවන් හිටපු ජනපතිවරයාට එලෙස භාරවීමට ඉඩ ලබාදුන්නේ නැහැ.

ඒ, ඔහුගේ නිවෙස වටා සීමා පවුරු තනමින්.

කෙසේ නමුත් හිටපු ජනාධිපති ලූලා සිය ආධාරකරුවන්ට පැයක පමණ දේශණයක් පැවැත්වීමෙන් පසු පොලීසියට භාරවූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තමා නීතිය විශ්වාස කරන බවත්, එසේ නොමැති නම් දේශපාලනයට එක් නොවී විප්ලවයක් සිදුකරන බවත් ඔහු කියා සිටියා.

කෙටි ගෙළක් සහිතව උපන් තමාට හිස කෙළින් තබාගෙන සිටීමට අපහසුවක් නොමැති බවයි හිටපු ජනාධිපති ලූලා ප්‍රකාශ කළේ.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනාව වූයේ ඉදිකිරීම් සමාගමකින් නිවහන් ගොඩනැගිල්ලක් අල්ලස් ලෙස ලබාගැනීමයි.

කෙසේ නමුත් එලෙස තමා සතුව නිවහනක් නොමැති බව ලූලා ඩා සිල්වා අධිකරණයේදී කියා සිටියා.

ඔහු එහිදී වරදකරු කර ඇත්තේ අදාළ සමාගමේ ප්‍රධානියාගේ ප්‍රකාශයක් අනුවයි.

ලබන ඔක්තෝම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ලූලා ඩා සිල්වා ජයග්‍රහණය කරනු ඇති බව මත සමීක්ෂණ රැසකින් ඔප්පු වී තිබෙනවා.

මේ නිසා මෙම චෝදනා දේශපාලන හේතූන් මත ගොනුකර ඇති ඒවා බවයි ඔහු අවධාරණය කළේ.  

වානේ කම්කරුවෙකු ලෙස වෘත්තිය සමිති ව්‍යාපාරයට එක්ව ජනාධිපති ධුරයට පැමිණි ලූලා ඩා සිල්වා අඩ සියවසකට පසු නායකත්වයට පිවිසි ප්‍රථම වාමාංශිකයායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories