ෆේස්බුක් හිමිකරු අද ඇමරිකානු සෙනෙට් මණ්ඩලය හමුවේ

Tuesday, 10 April 2018 - 10:07

%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන කෝටි 200ක් ලෝකවාසීන් භාවිත කරන ෆේස්බුක් හිමිකරු මාක් සකබර්ග් අද ඇමරිකානු සෙනෙට් මණ්ඩලය හමුවේ පෙනී සිටිනවා.

ඒ, ෆේස්බුක් පරිශීලකයන්ගේ දත්ත පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා යොදා ගත් බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු දීමටයි.

33  හැවිරිදි සකබර්ග් බදාදා දිනයේදී ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය හමුවේ පෙනී සිටීමට නියමිතයි.

ඇමරිකානු පාර්ලිමේන්තුවේ සාක්ෂි ලබාදීමට පෙර ඔහු ඊයේ දිනයේදී සෙනට් සභිකයන් නිළ නොවන මට්ටමින් හමුවුණා.

එමෙන්ම ඔහු කොංග්‍රස් වාණිජ කමිටුව වෙත ලිඛිත ප්‍රකාශයක් ද ඉදිරිපත් කර තිබෙනවා.

එමගින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ෆේස්බුක් ආයතනය මගින් මිනිස් සම්බන්ධතාවල යහපත අපේක්ෂා කළ ද එහි අවභාවිතය ගැන අවධානය යොමු කිරීම ගැන තමා පෞද්ගලිකව සමාව අයදින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories