දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතහැර දැමූ මෝටර් රථයක් තුළ හෙරොයින්

Wednesday, 11 April 2018 - 9:56

%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
හෙරොයින් තොගයක් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතහැර දමා ගොස් තිබූ මෝටර් රථය පිලිබදව මේ වනවිට තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුම ආසන්නයේ අදාළ මෝටර් රථය දමාගොස් තිබියදී ඊයේ (10) රාත්‍රියේ පොලීසිය විසින් සොයා ගත් අතර, පසුව එහි තිබී ග්‍රෑම් 60 කට ආසන්න ප්‍රමාණයකින් යුත් මත්කුඩු පොලීසිය සොයා ගනු ලැබුවා.

ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 5 කට අධික බවයි පොලීසිය සදහන් කළේ.

කඩුවෙල පිවිසුමෙන් මාතර දෙසට යාම සදහා අධිවේගී මාර්ගයට ඇතුළු වූ මෙම මෝටර් රථය පිළිබදව සැක සිතූ පොලීසිය එය නතර කරන ලෙසට රියදුරාට දැනුම්දී තිබෙනවා.

කෙසේ වෙතත්, එම අවස්ථාවේ රියදුරා සංඥා නොතකා අදාළ මෝටර් රථය ධාවනය කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.

පසුව මෝටර් රථය අතුරුගිරිය පිවිසුම ආසන්නයේ දමා ගොස් තිබියදී සොයා ගැණුනා. මෙම මෝටර් රථය මාතර - වල්පොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් එකක් බවට අනාවරණ වී ඇති අතර, ඔහු එය කුලී පදනම තවත් පුද්ගලයෙකුට ලබාදී තිබෙනවා.

අදාළ මෝටර් රථය මේ වනවිට අතුරුගිරිය පොලීසියෙහි තබා ඇති අතර එහි හිමිකරුට පොලීසියට පැමිණෙන ලෙස ද දැනුම්දී ඇති බවයි පොලීසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

මෝටර් රථය පැදවූ රියදුරු සොයා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.  

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories