ඉදිරි පැය කිහිපය තුල කාලගුණයේ වෙනසක්

Friday, 13 April 2018 - 13:36

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
අද (13) පස්වරු 1 සිට බල පැවැත්වෙන පරිදි ඉදිරි පැය 8 ක කාලය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

එම කාලය තුළ ගිගුරුම් සහිත වැසි, ප්‍රබල අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, උතුරුමැද සහ වයඹ යන පළාත් සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.

අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඒ අනුව එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුල සිටිය යුතුයි.

කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දෙන්නේ.

රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් ද වැලකිය යුතුයි.

එමෙන්ම අකුණු සහ ගිගුරුම් සහිත අවස්ථාවල බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වැලකිය යුතු වනවා.

තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ.

හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඊයේ (13) පස්වරුවේ මධ්‍යම කඳුකරයට හා දිවයිනේ තවත් ප්‍ර දේශ රැසකට කඩින්කඩ තද වැසි ඇතිවුණා.

අධික වර්ෂාවත් සමග කළු ගඟ, කළුතර - මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර මට්ටමට පැමිණ තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ පහත් බිම්වල ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි.

ශ්‍රී ලංකාවට බලපා ඇති කාලගුණික තත්ත්වය ඉන්දියානු කාලගුණික චන්ද්‍රිකාවල සටහන්ව තිබුණු ආකාරය පහතින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories