එජාපයේ නව තනතුරු මැයි රැළියේදී එළි දකී

Tuesday, 17 April 2018 - 6:39

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%91%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු මෙවර මැයි දින රැළියේදී එළි දක්වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසනවා.

ඒ අනුව පුරප්පාඩු වූ පක්ෂයේ සභාපති, මහලේකම් සහ තවත් තනතුරු රැසක වෙනසක් සිදුවීමට නියමිතයි.

එමෙන්ම පක්ෂයේ උප නායක ධුරයන් හි වැඩිවීමක් සිදුවන අතර, මෙතෙක් නොතිබුණු උප සභාපති ධුරයන් කිහිපයක් ද පත් කිරීමට නියමිත බවයි එක්සත් ජාතික පක්ෂ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පත්කළ විශේෂ දේශපාලන මණ්ඩලය ද අනිද්දා රැස්වීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories