හිටපු ජනපති මහින්දගෙන්, ජවිපෙ නායකයාට පණිවුඩයක්

Tuesday, 17 April 2018 - 12:43

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා සහයෝගය ලබා දීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණට දැනුම් දුන්නේ යැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.

කෙසේ වෙතත්, යෝජනාව සම්මත වූ දිනයේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවට, එම යෝජනාවේම කොටසක් ලෙස ඇතුළත් කළ යුතු බවයි කොළඹ අද(17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේ.  

රටේ ආර්ථිකය මියගොස් තිබියදී දේශපාලනඥයින් සූදු ක්‍රීඩාවේ යෙදෙන බවට ද  මන්ත්‍රී බන්දුල ගුණවර්ධනචෝදනා කළා.

එමෙන්ම ලබන මැයි මස පළමුවනදා සිට ඉන්දන මිල සූත්‍රයක් මෙන්ම ගෑස් මිල වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories