වත්තල - හේකිත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 150 ක් සමඟ පුද්ගලයින් 4 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි උසස් නිලධාරියෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ අද (21) උදෑසන හේකිත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම කේරළ ගංජා තොගය සොයා ගත් බවයි.
ඊට අමතරව, සැකකරුවන් ළඟ තිබී හෑෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 ක් සොයා ගෙන තිබුණා.
අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි තුනහමාරක් බවටයි අනාවරණ වී ඇත්තේ.
සැකකරුවන් රැදී සිටි නිවසෙහි තිබී මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු නම සඳහන් කාඩ්පතක් ද හමුවී තිබෙනවා.
ඊට අමතර ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර කිහිපයක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

Follow US
Most Viewed Stories