ඉන්ධන මිල සූත්‍රයකට ශ්‍රී ලංකාව අයි.එම්.එෆ් සමඟ එකඟතාවක

Saturday, 21 April 2018 - 13:19

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.%E0%B6%91%E0%B7%86%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
මීළඟ අදියරේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා මෙන්ම, මේ වසර තුළ ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එකඟතාවකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා.

ඉදිරි 6 මාසය සඳහා මෙම එකඟතාව ඇති වී තිබෙන අතර, දැනට කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇති ඉන්ධන මිල සූත්‍රය මීළඟ ඇගයීමට පෙර ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරනු ඇති බවටයි මූල්‍ය අරමුදල අපේක්ෂා පළ කළේ.

ඒ අනුව, ලබන ජුනි මාසයේදී ශ්‍රී ලංකාව පිළිබඳව 4 වන ඇගයීම සිදුකිරීමට මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන බව එහි නියෝජිත ප්‍රධානි මැනුවෙලා ගොරේටි කියා සිටියා.

ශ්‍රී ලංකාව අදාළ ප්‍රතිසංස්කරණ සහ මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම වැදගත් ඉදිරි පියවරක් ලෙසයි ඇය හැඳින්වූයේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළව පසුගිය දෙසැම්බරය වනවිට සපුරාලිය යුතු ඉලක්ක සියල්ල ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කරනු ලැබුවා.

අයවැය පරතරය, විදේශ මුදල් සංචිතය ආදී කරුණු සම්බන්ධයෙන් එම කොන්දේසි සපුරා තිබුණ ද මෙරට උද්ධමනය ඉහළ යාමක් එම කාලය තුළ දක්නට ලැබුණා.

2017 වසරේදී මොංගෝලියාව හැරුණු කොට වැඩිම උද්ධමනයක් වාර්තා වූ ආසියාතික රට වන්නේ ශ්‍රී ලංකාවයි.

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ මිල සූත්‍රයක අවශ්‍යතාව ඉහළ යමින් පවතින බවයි මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනෙනවා.

එය මෙරට ආර්ථිකය බාහිර බලපෑම් වලට ඔරොත්තු දීම සඳහා මෙන්ම, 2025 වසරේදී අත් කර ගැනීමට අපේක්ෂා කරන ආර්ථික ඉලක්ක කරා ළඟා වීමට ද රුකුලක් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories