ඉන්දියාවේ මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී 7 දෙනෙකු මරුට

Saturday, 21 April 2018 - 16:25

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%93+7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගාසියාබාද් ප්‍රදේශයේ දී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කාන්තාවන් 4 දෙනෙකු සහ කුඩා දරුවෙකු ද ඒ අතර සිටි බව සඳහන්.

මෙම සුඛෝපභෝගී මෝටර් රථය දිල්ලි නගරයට ආසන්නයේ පිහිටි බෑවුම් ප්‍රදේශයක නතර කර රියදුරා රථයෙන් බැස තිබෙනවා.

එම අවස්ථාවේ ඉදිරිපස අසුනේ සිටි කුඩා දරුවෙකු වාහනයේ අත් තිරිංග මුදා හැරීමත් සමඟ වාහනය ප්‍රපාතයට පෙරළී ඇති බව සඳහන්.

මංගල්‍ය උත්සවයක් සඳහා ගමන් ගත් 12 දෙනෙකු මෙම වාහනයේ ගමන් කර ඇති අතර, මනාලයාගේ පියා ද මිය ගිය අය අතර වනවා.

අතුරුදන් වී ඇති රියදුරා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories