මාස අටේ කිරිකැටියා සමඟ පියෙකු දුම්රියට පනී

Monday, 23 April 2018 - 7:49

%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+%E0%B6%85%E0%B6%A7%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93
කුරුණෑගල - වැල්ලව - පල්ලෙකොටුව ප්‍රදේශයේදී පියෙකු මාස 08ක් වයසැති පුත්‍රයා රැගෙන දුම්රියට පැන සියදිවි හානිකර ගනු ලැබුවේ සිය බිරිඳ සමඟ ඇති කරගත් පවුල් ආරවුලක් හේතුවෙන්.

කන්කසන්තුරේ සිට මාතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියට පැන මෙලෙස සියදිවි හානිකරගත් පියා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු වෘත්තියෙන් පෙදරේරුවෙක්.

මොහු සිය දෙවන බිරිඳ සමඟ ජීවත්ව ඇති අතර, සිය දිවි හානි කර ගැනීමට පෙර බීමත්ව පැමිණ ඇය සමඟ ආරවුලක් ඇති කරගෙන ඇත්තේ ඊයේ (22) අලූයම් කාලයේදියි.

පසුව මේ පිළිබඳව බිරිඳ වැල්ලව පොලීසියට එදින පෙරවරු 6 ට පමණ පැමිණිලි කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් පොලිසිය නිසි ක්‍රියාමාර්ගයක් නොගත් බවයි මිය ගිය පුද්ගලයාගේ මව සඳහන් කළේ.

කෙසේ නමුත්, සමාජයේ ගැටළුවලට සිය දිවි හානි කර ගැනීමෙන් විසඳුම් ලබා ගත නොහැකි බවයි මානසික රෝග විශේෂඳ වෛද්‍ය රූමී රුබන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories