ඒකාබද්ධ විපක්ෂය හෙට රැස්වේ, යූඑන්පී දේශපාලන මණ්ඩල රැස්වීමත් හෙට

Monday, 23 April 2018 - 9:01

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%2C+%E0%B6%BA%E0%B7%96%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%93+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් කොළඹ - විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී හෙට (24) පස්වරුවේ පැවැත්වෙනවා.

පවතින දේශපාලන තත්ත්වය හා ලබන 08 වනදා පාර්ලිමේන්තුවේ නව සැසිය ආරම්භ කරන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ කටයුතු කරන ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ඇති.  

පක්ෂයේ මැයි දින රැස්වීම් කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡාඅ කිරීමට නියමිත බවද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරයෙකු සඳහන් කළා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීම සඳහා පත් කළ දේශපාලන මණ්ඩලය යළි හෙට දිනයේ රැස්වී සාකච්ඡා කරන බව එහි සාමාජික, නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ එම රැස්වීමේ දී සිදුකරන සාකච්ඡාවල ප්‍රගතිය ලබන 26 වනදා රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories