පාර්ලිමේන්තු දෙවන සැසිවාරයට ආදාළ ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි

Monday, 23 April 2018 - 17:43

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B7%85+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
නව පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ කෙරෙන වේලාව සහිත නව ගැසට් පත්‍රයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (23) අත්සන් තබා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ මැයි මස 8 වන ද පස්වරු 2.15ට නව පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ කරන බව එමගින් දක්වා ඇති බවයි.

ජනාධිපතිවරයා පසුගිය 12 වනදා පාර්ලිමේන්තු සැසිය අවසන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර එහි නව සැසිය ආරම්භ  කරන දිනය පමණක් දක්වා තිබූ නමුත්, වේලාව සටහන් කර තිබුණේ නැහැ.

මේ අනුවයි ජනාධිපතිවරයා වේලාව සහිත ගැසට් පත්‍රයට අද දිනයේ අත්සන් තබා ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories