එජාපයේ ප්‍රධාන තනතුරු රැසක වෙනසක්

Wednesday, 25 April 2018 - 20:10

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම් ධුරයට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කර තිබෙනවා.

ඒ, පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් පත් කළ දේශපාලන මණ්ඩලය අද පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී.

එහිදී පක්ෂ සභාපතිවරයා ලෙස හිටපු මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ නම යෝජනා වී ඇති අතර, නව ජාතික සංවිධායක ධුරයට යෝජනා කර ඇත්තේ අමාත්‍ය නවීන් දිසානායක මහතායි.

භාණ්ඩාගාරික තනතුරුට හර්ෂ ද සිල්වා පත්කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සදහා පත්කළ දේශපාලන මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී කැඳවා තිබුණේ පක්ෂයේ තනතුරු පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහායි.

පස්වරු 5.30 ට පමණ ආරම්භ වූ අදාල සාකච්ඡාව පැය 2 ක පමණ කාලයක් පැවැත්වුණා.

එහිදී තීරණය වී ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දරණ පක්ෂ නායකත්වය, අමාත්‍ය සජිත් ප්‍රෙමදාස මහතා දරණ නියෝජ්‍ය නායක හා රවී කරුණානායක මහතා දරණ උප නායක යන තනතුරු හැර සෙසු තනතුරු සංශෝධනය කිරීමටයි.

එමෙන්ම අද පත් කළ තනතුරු සඳහා අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් ඒවා හෙට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories