අධිකරණ නියෝගයට අනුව සිය වත්කම් හෙළි කිරීමට සූදානම් නොමැති බව පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන අද (26) අධිකරණයට දන්වා සිටියා.
ඒ ඔවුන් දෙදෙනා කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ප්‍රකාශ කළේ එම නඩුවේ චූදිතයෙකු වන පර්පෙචුවල් ටේරෂරීස් සමාගම වෙනුවෙන් අර්ජුන් ඇලෝසියස් පෙනී සිටීමට සූදානම් බවයි.
කෙසේ වෙතත්, ප්‍රථමයෙන් අර්ජුන් ඇලෝසියස්, සමාගමට ඇති සම්බන්ධය හෙළි කළ යුතු බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නීතිඥ හරිප්‍රියා ජයසුන්දර ඊට විරුද්ධ වෙමින් සදහන් කළේ.
එහිදී අර්ජුන් ඇලෝසියස්ගේ නීතිඥවරයා විත්ති කූඩුවේ සිටි ඇලෝසියස් ගෙන් උපදෙස් විමසා සිටියා.
පසුව ඔහු අධිකරණයට දන්වා සිටියේ අර්ජුන් ඇලෝසියස් පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකාරිත්වය ඇති සමාගමක කොටස් හිමියෙකු බවයි.
එසේ නම්, තවත් චෝදනාවක් අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව මහාධිකරණයෙන් ගොනුකළ හැකි බව පැමිණිල්ලේ නීතිඥවරුන් පෙන්වා දුන්නා.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධීකරණයට දන්වා සිටියේ අධිකරණ නියෝග පරිදි මෙතෙක් අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන සහ පර්පෙචුවල් ටේරෂරීස් සමාගම යන චූදිතයන් සිය වත්මක් බැරකම් වාර්තා ලබාදී නොමැති බවයි.
එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ප්‍රකාශ කළේ කිසියම් පුද්ගලයෙකු වරදකරුවෙකු කළ හැකි තොරතුරු ඔවුන්ගෙන්ම ලබා ගැනීමට අධිකරණයට බලයක් නොමැති බවයි.
එම නිසා සිය සේවා දායකයින් ඔවුන්ගේ ඍජු හා වක්‍ර වත්කම්වල විස්තර ලබා නොදෙන බව ඔහු අධිකරණයට දැනුම් දුන්නා.
එහිදී මහේස්ත්‍රාත්වරිය සදහන් කළේ විත්තිය නගන තර්ක සම්බන්ධයෙන් නෛතික රාමුව විමසා බලා ඉදිරි දිනකදී ඊට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරන බවයි.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ නඩු වාර්තාවේ සම්පූර්ණ පිටපතක් ලබාදිය හැකි නම් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව නිකුත් කර ඇති ජාත්‍යන්තර පොලීසියේ රතු නිවේදනයට අනුව සිංගප්පූරුව ඇතුළු රටවල් 192 කදී ඔහු සොයා ගතහොත් මෙරටට රැගෙන ආ හැකි බවයි.
එය නිකුත් කිරීමට අවසර ලබාදුන් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න, චූදිත අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන ලබන 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

Follow US
Most Viewed Stories