හිරු උත්තම ධාතු වන්දනාවේදී,ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍රවූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ ගල්ගමුවට වැඩමවයි

Wednesday, 02 May 2018 - 12:31

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B0%E0%B7%8F%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%2C%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%A5%E0%B6%B0%E0%B7%8F%E0%B6%AD%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
සම්බුදු තෙමඟුල නිමිත්තෙන් හිරු ටී.වී සහ හිරු එෆ් එම් සැදැහැ සිතින් සංවිධාන කළ හිරු උත්තම ධාතු වන්දනා කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය අවසන් කරමින් ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයට යළි වැඩම කරවීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

අනුරාධපුර -ජේතවනාරාම පින් බිමේ තැන්පත් කර තිබූ ශ්‍රී සර්වඥ ධාතු වහන්සේ වස්කඩුව ශ්‍රී සුභුති විහාරය දක්වා යලි ගමන් වැඩම කිරීම ආරම්භ කළේ අද (02) උදෑසනයි.  

මේ වනවිට දහවල් බුද්ධ පූජාව සඳහා ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ගල්ගමුව අලූත්හේරත්ගම ශ්‍රී උපතිස්සාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා.

සැදැහැවතුන් විශාල පිරිසක් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමට මෙම විහාරස්ථානය වෙත පැමිණීම විශේෂත්වයක්.

ඉන් අනතුරුව කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ පස්වරුවේ නාරම්මල - දම්පැලැස්ස විද්‍යාලංකාර රජමහා විහාරස්ථානයටත් රාත්‍රියේ අත්තනගල්ල රජමහා විහාරය වෙතත් වැඩම කරවනු ඇති.

ඉන් පසුවයි හෙට රාත්‍රියේ කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයට යළි වැඩමවීම සිදුවන්නේ.

හිරු උත්තම ධාතු වන්දනා, කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය ඓතිහාසික ජේතවනාරාම පින් බිමේදී පසුගිය සඳුදා අලූයම ආරම්භ වුණේ දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාදු නාද මධ්‍යයේයි.

එහිදී ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් කපිල වස්තු පුරා නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ජේතවනාරාම පූජා භූමියේ පිහිටි විශේෂ කුටියේ තැන්පත් කෙරුණා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories