කිරිපිටි මිල වැඩි කිරීමට ජීවන වියදම් කමිටුවෙන් නිර්දේශ

Friday, 04 May 2018 - 9:45

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 50 කින් ඉහළ නැංවීමට ජීවන වියදම් අනුකමිටුව පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත නිර්දේශ කර තිබෙනවා.

අදාළ කමිටුවේ සාමාජික කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුර්දීන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 20 කින් ඉහළ නැංවීමට ඒ අනුව නිර්දේශ කර ඇති බවයි.

කිරිපිටි ආනයන සමාගම් කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 75 කින් ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා තිබූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ නමුත්, අදාළ නිර්දේශයන් ආර්ථික කමිටුව වෙත යොමු කිරීමෙන් පසු එහි අනුමැතිය මත පමණක් මිල වැඩි කිරීමක් සිදුවනු ඇති.

දැනට වෙළඳපොලේ කිරිපිටි කිලෝග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 810 ක මිලකට වන අතර, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් අලෙවි වන්නේ රුපියල් 325 කටයි.

මේ අතර, පසුගිය 27 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින්ද ඉහළ දැමීමට කටයුතු කෙරුණා.

පාරිභෝගික සේවා අධිකාරිය මිල ඉහළ නැංවීමට ගෑස් සමාගම් වෙත අවසර ලබාදුන් අතර, ඒ අනුව රුපියල් 1431ක් ලෙස පැවති ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1676ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories