ජනපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානියා සහ දැව සංස්ථා සභාපති රිමාන්ඩ්

Friday, 04 May 2018 - 10:39

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%90%E0%B7%80+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අල්ලස් චෝදනාවක් මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී ආචාර්ය අයි.කේ.මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක මේ මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම සිදුවීම පිලිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇති බවයි.

ඒ අනුව, අදාළ නිලධාරින්ගේ සේවය වහාම අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කර තිබෙනවා.

ඔවුන්ට එරෙහිව කිසිදු බලපෑමකින් තොරව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසයි අදාළ සියලූ බලධාරින්ට ජනාධිපතිවරයා දැනුම් දෙන්නේ.

අල්ලස හා දූෂණයට එරෙහි රජයේ ස්ථීරසාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ වැදගත්කම මෙයින් තහවුරු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම් දරණ රජයේ නිලධාරින්ට සිය රාජකාරිය නිසි ලෙස ඉටු කිරීම සඳහා වර්තමාන රජය යටතේ සිදුකර ඇති ස්වාධීන සහ අපක්ෂපාතී පසුබිම පිළිබඳව තමා සතුටු වන බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories