කෝටි දෙකේ අල්ලසේ පැමිණිලිකරුට තර්ජන - රාජ්‍ය නිලධාරින් දෙදෙනාත් යළි රිමාන්ඩ්

Wednesday, 09 May 2018 - 10:37

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1+-+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
රුපියල් කෝටි දෙකක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක මේ මස 22 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවට අද (09) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

සැකකරුවන් දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ බන්ධනාගාර බස් රථයෙන් අධිකරණ භූමියට රැගෙන ආ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

නඩුව කැදවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම් සභාව අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණ සිදුකරමින් පවතින බවයි.

එහෙත්, ඊට අදාල ලිපි ලේඛණ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සහ රාජ්‍ය දැව සංස්ථාවෙන් ඉල්ලා ඇති නමුත් මෙතෙක් ඒවා ලබාදී නොමැති බව කොමිෂන් සභාව දැනුම් දුන්නා.

මේ නිසා ඉදිරි විමර්ශණ සඳහා කාලය ලබාදෙන ලෙසද අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුවයි සැකකරුවන් යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

මෙම සිද්ධියේ පැමිණිලිකරුගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බවද අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම අද පෙරවරුවේ අධිකරණය හමුවේ කියා සිටියා.

කොළඹ 07 රොස්මිඩ් පෙදෙසේ පිහිටි පැමිණිලිකරුගේ කාර්යාලයට එල්.ටී.ටී.ඊ බුද්ධි අංශයේ බව පවසමින් පුද්ගලයෙකු පැමිණ මොහුට උදව් කිරීමට බව පවසා විස්තර ඉල්ලා ඇති බවයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ.

කන්තලේ සීනි සමාගමට අයත් කොටස් ඉන්දියානු සමාගමකට ලබාදීම වෙනුවෙන් එම සමාගමෙන් රුපියල් කෝටි 54ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් අත්තිකාරමක් ලබාගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් කොළඹ පිහිටි හෝටලයක රථගාල තුලදී මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 03 වනදා පස්වරුවේයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් හෝටල් රථගාල තුල අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් කෝටි 2ක කප්පම් මුදල ගණන් කරමින් සිටියා.

පසුව සැකකරුවන් එදින රාත්‍රියේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නිවසට ඉදිරිපත් කිරීමෙන් පසුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් කන්තලේ සීනි සමාගමේ කොටස් ඉන්දියානු සමාගමක් වන එම්.ජී. ෂුගර් පෞද්ගලික සමාගමට පැවරීමේ එක් පියවරක් වෙනුවෙන් ඔවුන් මෙලෙස රුපියල් කෝටි 54ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබෙනවා.

පසුව එම සමාගමේ නිලධාරීන් එය රුපියල් කෝටි 10ක් දක්වා අඩු කරගෙන ඇති අතර ඒ අනුව අත්තිකාරමක් ලබාදෙන ලෙස ආදාල රාජ්‍ය නිලධාරීන් එම සමාගමෙන් ඉල්ලා තිබුණා.

ඉන්දියානු සමාගමේ ප්‍රධානියා විසින් ඒ පිළිබඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිසමට පැමිණිලි කර ඇති අතර ඒ අනුවයි මෙම වැටලීම සිදු කරනු ලැබුවේ.

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී, ආචාර්ය අයි.කේ. මහානාම මීට පෙර ඉඩම් අමාත්‍යාංශයේ ලෙක්ම්වරයා ලෙස කටයුතු කර ඇති අතර එම අමාත්‍යාංශයට යටතේ කන්තලේ සීනි සමාගම පැවතුණා.

මේ අතර, මෙම සිද්ධිය මුල් කර ගනිමින් තම පියා වන අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධනට, ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම අසත්‍ය චෝදනා එල්ල කරන බවයි ඔහුගේ පුත් සේරුවිල ආසනයේ නිදහස් පක්ෂ සංවිධායක නලින් ගුණවර්ධන කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories