සයිටම් විරෝධී සිසුන්ට අදත් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

Wednesday, 09 May 2018 - 17:11

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දියත් කළ සයිටම් විරෝධී පා ගමනක විසුරුවා හැරීමට පොලීසිය අද ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.

ඒ, සිසුන් වෝඩ් පෙදෙසට ඇතුලූවී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දෙසට ගමන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදියි.

අද දහවල් කැළණිය විශ්වවිද්‍යාලය අසලින් ඔවුන් මෙම පා ගමන ආරම්භ කළ අතර, එය ජනතාවට පීඩා නොවන අයුරින් සහ රාජ්‍ය ආයතනවලට ඇතුලූවීමෙන් වැළකී සාමකාමීව සිදුකරන ලෙස දන්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක්ද නිකුත් කර තිබුණා.  

පා ගමන හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට දිවෙන මංතීරුවේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම පාහේ ඇණ හිටි අතර දැඩි රථවාහන තදබදයක්ද ඇතිවුණා.

විරෝධතාවයේ නිරත සරසවි සිසුන් නව කැළණි පාලම, බේස් ලයින් මාර්ගය, මරදාන ඔස්සේ ගමන් කර කොළඹ වෝඞ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව දෙසට පැමිණියා.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පිහිටි වෝඞ් පෙදෙස ලිප්ටන් වටරවුමෙන් මාර්ග බාධක යොදා පොලීසිය වසා දැමීම හේතුවෙන් විරෝධතාකරුවන් ලිප්ටන් වටරවුම සම්පුර්ණයෙන්ම අවහිර කරමින් විරෝධතාවයේ නිරතවුණා.

ඒ හේතුවෙන් පුරහල අවට මාර්ගවල පැවතියේද දැඩි රථවාහන තදබදයක්.

ඒ වනවිටත් පොලිස් කැරළි මර්දන ඒකක සහ ජල ප්‍රහාරක රථ එම ස්ථානයට කැඳවා තිබූ අතර, පොලීසිය සහ සරසවි සිසුන් අතර එහිදී උණුසුම් තත්ත්වයක්ද ඇතිවුණා.

අනතුරුව පොලීසිය විරෝධතාවයේ නිරත සිසුන් විසුරුවා හැරීමට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.

මේ අතර සයිටම් ගැටළුවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේදී අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණේ දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුලූ පාර්ශව කිහිපයකගේද සහභාගීත්වයෙන්. 






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories