රන් ආභරණ තොගයක් සමඟ විශ්‍රාමික රේගු පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

Thursday, 10 May 2018 - 10:11

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%B7%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂ 55,000 ක් පමණ වටිනා රන් ආභරණ තොගයක් සමඟ විශ්‍රාමික රේගු පරීක්ෂකවරයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද පෙරවරුවේ මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ සිය හිතවතෙකු මුණ ගැසීම සඳහා ගුවන් තොටුපල පරිශ්‍රයට පැමිණ සිටි අවස්ථාවේදියි.

එහිදී ඔහුගේ ගමන් මල්ලේ සඟවා තිබූ මෙම රන් ආභරණ තොගය රේගුව සොයාගත් බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

 අත්අඩංගුවට ගත් පුද්ගලයා 65 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු සතුව තිබී සොයාගත් රන් ආභරණවල බර කිලෝ 2 යි ග්‍රෑම් 445 ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories