හිරු CIA අනාවරණයෙන් පසු විදේශ රැකියා ලබාදෙන බවට මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

Sunday, 13 May 2018 - 11:07

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+CIA+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හිරු සී.අයි.ඒ. සිදුකළ අනාවරණයකට අනුව ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසමින් මහ පරිමාණ මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් සමඟ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ හිරු සී.අයි.ඒ. සිදුකළ අනාවරණයකට අනුව මෙම කාන්තාව දික්වැල්ල - අලුත්ගොඩ ප්‍රදේශයේදී ඊයේ (12) රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බවයි.

ඕනෑම වයසක පසුවන පුද්ගලයෙකුට ඉතාලියේ රැකියා ලබාදිය හැකි බව පවසමින් 52 හැවිරිදි මෙම කාන්තාව පසුගිය කාලය පුරා පුද්ගලයින් රැසකගෙන් මුදල් වංචා කර ඇති බව සඳහන්.

අදාළ කාන්තාව කුරුණෑගල, මැල්සිරිපුර, රාජාංගණය සහ සාලියවැව ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් ඉතාලියේ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කර ඇති බවයි මේ වනවිට සිදුකර ඇති පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

අදාළ කාන්තාව සමඟ අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයින් දෙදෙනා ඇයගේ ඥාති සොහොයුරන් බවයි පොලීසිය සඳහන් කළේ.

ඔවුන් අද (13) මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories